මිලියන 54ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 165කට අධික තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් අග්බෝ නෞකාව මඟින් මාදගල් වෙරළ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ සිදු කල විශේෂ පාමුර සංචාරයකදී යි මෙම කේරළ ගංජා සොයාගෙන ඇත්තේ.

එම වෙරළ තීරයේ සඟවා තිබූ සැක කටයුතු උර 08ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එහිදී, පාර්සල් 71ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 150 ග්‍රෑම් 390ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක පාර්සල් 07ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15 ග්‍රෑම් 05 ක තොගයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදාව විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුලට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ සහ මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 54කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?