Update – මහර බන්ධනාගාරයට යුද හමුදා සන්නද්ධ රථ කැඳවයි – මහර ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

මහර බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා යුනි බෆල් සන්නද්ධ රථ කැඳවීමට මේ වනවිට කටයුතු කර ඇති බව දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම මහර බන්ධනාගාරයෙන් පිටත තත්ත්වය මේ වනවිට සාමකාමී බවයි තොරතුරු වාර්තා වන්නේ.

මහර පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමඟ එහි මාර්ග පාළු ස්වභාවයක් ගෙන ඇති බවයි දසත මාණ්ඩලික වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පොලිසිය මහර පොලිස් බල ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙන්නේ සාමය ආරක්ෂා කර ගැනීම සදහා පොලිසියට සහයෝගය ලබාදෙන ලෙසයි.

එමෙන්ම පොලිස් ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ තම නිවෙස් තුළට වී සිටින ලෙසත්, පිටස්තර පුද්ගලයින් නිවෙස් වෙත කැඳවා ගැනීමෙන් වැළකී සිටීම මෙන්න වෙනත් නීති විරෝධී ක්‍රියාවන්වල නිරත නොවන ලෙසයි.

මේ අතර මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිසිය විශේෂ කාර්ය බලකාය මෙන්න සන්නද්ධ හමුදාවන් කැඳවීමට පියවර ගැනුණා.

අද (01) පෙරවරුවේ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙකු මියගොස් තුවාල ලැබූ තවත් රැඳවියන 06 දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14