AFC Banner
Empty Ad
Empty Ad

මිනිස්සුන්ට සැපට අවුරුදු කන්න අද සිට මිල අඩු වන භාණ්ඩ මෙන්න (වීඩියෝ)

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850කි.

ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 445කි.

චීනයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් ලෙස සටහන් වනවා.

අර්තාපල් අල කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165ක් වශයෙන් සඳහන් වනවා.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් ද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් ද පහළ දමා තිබෙනවා.

තවද සුදු ලූණු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
19
+1
214
+1
12
+1
16
+1
15
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?