මිද්දෙණියේ සිදු වූ වෙඩිල්ලට පෙර මරණකරු තැබූ ෆේස්බුක් සටහන

ඊයේ (18) රාත්‍රියේ මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේ දී සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තා සිය මුහුණුපොතේ ජීවිතක්ෂයට පත් වීමට දින තුනකට පෙර තැබූ සටහනක් මේ වනවිට (19) ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

මරණකරු සඳහන් කර ඇත්තේ; ”ඈත පේන මරනෙ ගැන හිතන්නෙ නැතුව. ළඟ තියන ජීවිතය ගැන හිතලා සතුටින් ඉදපල්ලා..(නොහැක්කක් නොමැත.)” යනුවෙන්.

එම සටහන සමග ඔහු වාහනයක අසුන්ගෙන සිටින දර්ශනයක් ඇතුළත් ඡායාරූපයක් ද මුහුණුපොතට එක් කර තිබෙනවා.

ඉන් හරියටම දින තුනකට පසුව කජ්ජා නමැති මෙම මරණකරු තම සය හැවිරිදි දියණිය සහ කුඩා පුතු සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදියි වෙඩි ප්‍රහාරයට ගොදුරු වූයේ.

එම වෙඩි ප්‍රහාරයෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තේ එම ස්ථානයේදීම මියගිය අතර බරපතළ තුවාල ලැබූ පුතු ඇඹිලිපිටිය රෝහලටත් දියණිය තංගල්ල රෝහලටත් ඇතුළත් කෙරුණා.

නමුත් රෝහලේ දී සය හැවිරිදි වියේ පසුවූ දියණිය අද අලුයම මියගොස් ඇති අතර මිද්දෙණිය පොලිසිය අප කළ විමසීමක දී පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවන පුතු සැත්කමකට භාජනය කර ඇති බවයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අරුණ නමැත්තා හට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා පලාගොස් තිබුණා.

මරණකරුවන් ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය පවසනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි ව නැති අතර සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Aruna
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02