Wednesday, January 15, 2025
Empty Ad
AFC Banner
AFC Banner

මැලේසියානු වෛද්‍යවරුන් පිරිසකගේ උතුම් ක්‍රියාවක්

මැලේසියානු වෛද්‍යවරුන් පිරිසක් විසින් පැවැත්වු වෛද්‍ය කඳවුරක් ඊයේ(26) කිලිනොච්චිය සරසවි විහාරස්ථායේදී පැවැත්විණ. යාපනය විශ්ව විද්‍යාලීය කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත සරසවි විහාරස්ථාන භූමියේදී වෛද්‍ය කඳවුර පැවැත්වූහ.

කැළණිය,නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝධාගම චන්දිම නාහිමියන්ගේ මෙහෙයවීම යටතේ වෛද්‍ය සත්කාර සේවා වැඩසටහන ඇතුළු සමාජ සේවා වැඩසටහන් පැවැත්වීම සංවිධානය කොට තිබිණ.

ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා සංවිධානය කළ සමාජ සත්කාර වැඩසටහනේදී කිලිනොච්චිය,පොන්නගර්,මලයාලපුරම්,විද්‍යානගර් යන ගම්මානවල පුද්ගලයින් 500 දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය උපදෙස් ලබාදීම සිදුකළ අතර, ගම්මානවල දිළිදු පවුල් 200 ක් වෙත වියළි ආහාර ලබාදීමද සිදුකළහ.

මැලේසියානු වෛද්‍ය කණ්ඩායම විසින් කටු චිකිත්සාව යටතේ රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමද සිදුකෙරිණ.වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් කිලිනොච්චිය,මණ්ඩපයේ විශ්ව විද්‍යාල සිසුන් විසින් සිය සහයෝගය ලබාදී තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?