මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගෙන ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදුවිය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් වූ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත් වුණා.

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමටත්, විශේෂයෙන් එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය පිළිබඳත්, ආහාර ද්‍රව්‍යවල මිල උච්ඡාවචනයන් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ප්‍රමුඛතාවක් ලෙස සලකා ආහාර නිෂ්පාදනයට සහ ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට මෙහිදී අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී යම් හෙයකින් අදාළ රටවල් විසින් අපනයන සීමා කරනු ලැබුවහොත් එය කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. ටින් ටින් නෝන්ඩි හිනාවක් දාලා කිව්ව දේ තිස්සකුට්ටි කියයි..වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04