මැතිව්ස්ගේ 16 වසරක ටෙස්ට් ඉනිම අවසන්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය අද අවසන් කළා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ ගාල්ලේ දී මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දියි.

මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම ලකුණු අටකට සීමා වූ අතර ඔහු තම අවසන් ටෙස්ට් ඉනිමේ දී පන්දු 45කට මුහුණ දුන්නා.

මෙම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක අවසන් වරට දවාගැනීමේ අවස්ථා බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම්ට උදාවුණා.

2009 වසරේ ජූලි මස 04 වනදා පාකිස්ථානයට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස් එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු ලකුණු 8167ක් රැස්කරගෙන ඇති අතර, ඊට ජාත්‍යන්තර ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත්.
ටෙස්ට් පිටිය තුළ තම පිත්තෙන් හතරේ පහර 835ක් සහ හයේ පහර 89ක් මැතිව්ස් විසින් එල්ල කර තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් පිටිය තුළ රතු පන්දුවෙන් ද දස්කම් දැක්වූ මැතිව්ස් ජගත් ටෙස්ට් පිටියේ කඩුලු 33ක් දවාගෙන ඇති අතර, රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 78ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර මැතිව්ස් තුන්වන තැන පසුවන්නේ කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට පමණක් දෙවැනි වෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සොයාගත් වටිනාම සම්පතක් වන ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවන් ලබාදුන් ජයග්‍රහණ සහ සිදුකළ කැපකිරීම් තවත් වසර ගණනාවක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ මතයන් තුළ රැඳෙනු ඇති
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22