Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මාලිමාවේ කළමනාකාරීත්වයෙන් හිඟුරක්ගොඩ ඉන්ධන පිරවුම් හලේ ලක්ෂ ගණනක් අපතේ යයි ?

පොළොන්නරුව – හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් ගබඩා කරන ටැංකිය වෙත පෙට්‍රල් තොගයක් ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන සම්පූර්ණයෙන්ම අපතේ ගොස් තිබෙනවා.

ජාතික ජනබලවේගය විසින් පාලනය කරනු ලබන හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරීත්වයේ නොසැලකිල්ල මත මෙය සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (28) පෙරවරුවේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද එම ඉන්ධාන පිරහුම් හල වෙත පැමිණ සිටියා.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් තීරණය කර ඇත්තේ, එම පෙට්‍රල් තොගය නැවතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමටයි.