Fly high Get bonus Aviator Phone

මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑ පාසල් සිසුවෙක් අතුරුදන්

චීන වරාය පොලිස් වසමේ මාබල් බීච් වෙරළ තීරයේ දිය නාමින් සිටි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 17ක ඉඟුරුවත්ත, මාවතගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

උපකාර පංතියක සිසු සිසුවියන් පිරිසක් ගුරුවරයෙකු සහ දෙමාපියන් තිදෙනෙකු සමඟ ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් තිබෙනවා.

එහිදී මාබල් බීච් වෙරළ තීරයට ගොස් මෙම පිරිස දින නා ඇති අතර, එම අවස්ථාවේ දී සිසුන් තිදෙනෙක් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉන් සිසුන් දෙදෙනෙක් ගුවන් හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇති අතර එක් සිසුවෙක් රළ පහරට ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

අතුරුදන්ව වූ සිසුවා සොයා ගුවන් හා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ බෝට්ටු යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?