මහ මැතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් වාර්තාවක් ඉල්ලයි

මහ මැතිවරණය පැවැත්වීම සඳහා ගැසට් කර ඇති දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

මෙම නිරීක්ෂණ වාර්තාවට අනුව නොවැම්බර් 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණේ පසුගිය ඔක්තෝබර් 21 වනදායි.

මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ තීරණය සහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් සිදුකර ඇති බවයි පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ.

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රියන්ත හේරත් නැමැත්තා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54