AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ?

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා සභාව මගින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ නාමයෝජනාව යොමු කිරීම මුදල් අමාත්‍යාංශය මගින් සිදු කිරීම සිදුවනු ඇති.මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් හිමිවුණා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරය පුරප්පාඩුව පවතිනවා.

නව සභාපතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා සභාව මගින් සිදු කරන අතර එම සභාව රැස්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදු කර නොමැති බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?