AFC Banner
Empty Ad
Empty Ad

මම පාරට බැස්සේ ජනතාව වෙනුවෙන්

කිසි මොහොතක තමන් රාජ්‍ය ම්ලේච්ඡත්වයට බිය නොවන බවත් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පාරට බැසීමට සූදානම් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. එහි වැඩිදුරටත් කියා සිටියේ රාජපක්‍ෂ ම්ලේච්ඡ ආණ්ඩුව, ඊයේ දින අරගලයේ නිරත සාමකාමී තරුණයන්ට දේශපාලන මැරයන් යොදාගෙන අමානුෂික පහරදීමක් කළා.රාජපක්‍ෂ ම්ලේච්ඡත්වයට එරෙහිව මමත් එම ස්ථානයට ගියා. මම ඇවිදගෙන යනකොට ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රේමදාසලා කවදාවත් රාජ්‍ය ම්ලේච්ඡත්වයට බයනෑ. මම එහි ගියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාව වෙනුවෙන් ඒ පහරදීමට විරුද්ධව අරගලකාරීන් සමග එක්වන්නයි. ඒත් මට සහ මගේ නිල රථයට පහරදීලා ඒවට හානි කළා. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවා. මම කියන්න ඕනෑ මට බේරෙන්න ලැබුණා. ශාරීරික හානියක් මට නෑ. වීදුරු කටු එකක් ඇඟේ වැදුණා පමණයි. මම පාරට බැස්සේ ජනතාව වෙනුවෙන්. මම කවදාවත් පාරට බහින්න බය නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?