මනුෂ්‍ය ඝාතනයකට අදාළව යුද හමුදා සෙබලෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බව කියන යුද හමුදා සෙබලෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පසුගියදා බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සාහ කළ සහ පසුගිය වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අපරාධකරුවෙකු ලෙසයි මෙම යුද හමුදා සෙබලා හදුනාගෙන ඇත්තේ.

ඒ අනුව පසුගිය වසරේ ජුනි 21 වනදා කොස්ගොඩ ප්‍රදේශයේදී විජිත් මහේන්ද්‍ර ද සිල්වා නොහොත් රන් මල්ලී යන අය ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ මොහු බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

පසුගිය 18 වනදා බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සදහා යමින් සිටියදී අත්අඩංගුවට පත්වූ යුද හමුදා සෙබලා මෙහෙයවා ඇත්තේ ද මෙම පුද්ගලයා බව හෙළිව තිබෙනවා.විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී යන අයගේ මෙරට අපරාධකටයුතු මෙහෙයවන පුද්ගලයෙකු ලෙසද මොහු හදුනාගෙන ඇති බව විශේෂ කාර්ය බලකායපවසනවා.

වැඩිදුර විමර්ශන සදහා කහතුඩුව පොලිසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57