AFC Banner
Empty Ad
Empty Ad

මන්දකට හසු වී කඳුකර දිවියෙකු මියැදෙයි

මස්කෙලිය බ්‍රවුන්ස්වික් තේ වත්තේ මන්දකට හසු වී මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (29) දින සොයාගත් බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් පවසනවා.

සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් තේ වත්තේ අටවා තිබු කම්බි සහිත මන්දකට ගොදුරු සොයා පැමිණි කඳුකර කොටියා හසු වී ඇති බවත්, මන්දෙන් මිදී පලා යාමට කොටියා උත්සහා කිරීම නිසා එම සත්ත්වයා ඊට සිර වී මියගොස් ඇති බවත් වනජීවී නිලධාරීන් පැවසුවා.

මන්දට හසු වී මියගොස් ඇති කඳුකර කොටියා අවු 06ක් පමණ වයසැති හොඳින් වැඩුණු පිරිමි සතෙකු බවත්
වාර්තා වනවා.

එම සත්ත්වයාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නියෝගයක් රැගෙන මියගිය කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?