මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාරට සභාපති ධුරයක්

කඳුකරය සුරැකීම පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර පත් කර තිබෙනවා. එම සංසදයේ සමාරම්භක රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර වසන්ත යාපබණ්ඩාර සභාපතිවරයා ලෙස පත්කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් සහ නිමල් පියතිස්සගේ යොජනා සිථිරත්වයෙන්.

අනතුරුව, ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් සහ නිමල් පියතිස්ස යන මහත්වරු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පත් වුණා.

කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අභිනව සභාපතිවරයා අවධාරණය කළ අතර සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?