මන්ත්‍රී පට්ටමට වැහුණු ආචාර්ය උපාධිය – පන්නිලගේ මහතාට එරෙහිව පෙත්සමක්

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බවයි.

උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරන අවස්ථාවේ දී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

රජයේ සේවයේ නිරතව සිටිය දී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
17
+1
2
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21
Video thumbnail
අකුරැස්ස පොලිසියේ බෝගසේ විශාල අත්තක් කඩා වැටී 1990ට හානි..සභාපති බෝ අතු ඉවත් කරන හැටි
00:41
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
08:36:56
Video thumbnail
බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි
01:37
Video thumbnail
🔴Breaking News
01:15
Video thumbnail
ටීචර්ස්ලාට සුදු සාරි ඇඳගෙන ඉස්කෝලේ එන්න කියලා ප්‍රින්සිපල්..අගමැති හරිනි මේ ගැන පොඩ්ඩක් බලන්න
06:10