මධ්‍යම ඉන්දියන් සාගරයේ චීන යාත්‍රාවක් පෙරළී දරුණු අනතුරක්

චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේ දී පෙරළී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වුණේ.

චීන ජාතිකයින් 17 දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් 05 එම යාත්‍රාවේ රැඳී සිට ඇති අතර, ඔවුන් මේ වනවිට අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් උදව් ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
8
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?