ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත බහුලව ගැවසෙන ස්ථාන තැන සොයාගැනීම සඳහා ධීවර ජනතව වෙත් හඳුන්වා දුන් මෘදුකාංග යෙදුම මේ වන විටත් ධීවර ජනතාව භාවිත කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.
අයවැය විවාදයට අදාළව අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට ලක්ෂයක පමණ ධීවරයින් පිරිසක් එම යෙදුම භාවිතා කරන බවයි.
එමෙන්ම එම යෙදුම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා විදෙස් සමාගම් සහ දේශීය සන්නිවේදන ආයතන සමඟ ද සාකච්ඡා කළ බවත්, මෙවර අයවැය මඟින් ද එම යෙදුම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
