AFC Banner
Empty Ad
Empty Ad

භූ කම්පනයකින් තිදෙනෙකු මරුට

ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනේ අද උදෑසන ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සංචාරකයින් අතර ප්‍රචලිත දිවයිනේ නැගෙනහිර කොටසේ ඇති වූ මෙම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 4.8 ක් වන බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ. 

භූ කම්පනය සමඟ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, ගොඩබිම් මාර්ගය අවහිර වීමෙන් අතරමං වූ, ජනයා ඉවත් කරගැනීමට පියවර ගෙන තිබෙනවා. 

කොරෝනා වසංගතය නිසා වසර එකහමාරක් වසා දමා තිබූ, බාලි දිවයින සංචාරකයින් සඳහා යළි විවෘත වූයේ, පෙරේදා දිනයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?