Rajapura Handi Oil
Rajapura Diabetic Powder

භූගත රහස් කාමරයක කසිප්පු පෙරලා – ඔන්ලයින් ඕඩර්ස්වලට බෙදලා

භූගත කාමරයක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් මාතලේ, පල්ලේපොල ප්‍රදේශයෙන් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහවෙල පොලිසිය මඟින් ඊයේ (14) මෙම වැටලීම සිදුකර ඇති අතර, මෙහි නිෂ්පාදනය කරන නීතිවිරෝධී මත්පැන් ඔන්ලයින් ඔස්සේ ලැබෙන ඇනවුම් මත බෙදාහැර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මාතලේ – පල්ලේපොල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි අබලන් වූ දෙමහල් ගොඩනැගිල්ලක පොළොව යට පිහිටි බිම්මහලක මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ

වසරක කාලයක සිට මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගරය පවත්වාගෙන ගොස් ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ජංගම දුරකථන සහ අන්තර්ජාල පණිවිඩ හරහා ඇණවුම් ලබාගෙන මෙම නීතිවිරෝධී මත්පැන් තොග සහ සිල්ලර වශයෙන් අලෙවි කර ඇති බවයි.

මාතලේ, දඹුල්ල, ගලේවෙල, නාවුල සහ පල්ලේපොල ඇතුළු ප්‍රදේශ රැසකට මෙම නීතිවිරෝධී මත්පැන් බෙදාහැර ඇති බවයි හෙළිව ඇත්තේ.

මෙම වැටලීමේදී ගෝඩා ලීටර් 10,000ක්, බැරල් 08ක් සහ මත්පැන් නිෂ්පාදනයට භාවිත කළ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.