AFC Banner
AFC Banner
Empty Ad

බෝඩර් ගවස්කාර් කුසලානයේ තෙවැනි ටෙස්ට් තරගය හෙට

බෝඩර් ගවස්කාර් කුසලානය යටතේ පැවැත්වෙන තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් හෙට (14) ආරම්භ වීමට නියමිතයි.

මෙරට වේලාවෙන් අලුයම 5.50 ට මෙම තරගය ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බේන් නුවර දී ආරම්භ වනවා.

හෙටින් ආරම්භ වන දෙරට අතර තුන්වැනි ටෙස්ට් තරග දෙසැම්බර් මස 18 තෙක් පැවැත්වෙනු ඇති.

මේ වනවිට කණ්ඩායම් දෙක ම තරග 1-1ක් ලෙස ජය ගනිමින් සම ජයග්‍රාහී මානසික මට්ටමක පසුවනවා.

පළමු ටෙස්ට් තරගය බුම්‍රාගේ නායකත්වයෙන් යුතුව ඉන්දීය කණ්ඩායම ජය ගත් අතර දෙවැනි තරගයේ ජය සත්කාරක ඔස්ට්‍රෙලියාවට හිමිවුණා.

එබැවින් හෙට පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ 2023 -2025 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම තවමත් දෙපාර්ශ්වයටම විවෘත ව පවතින බැවින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?