පාස්පෝට් කන්තෝරුව පැය 24ම විවෘතව තබන්න ජනපතිගෙන් තීරණයක් (වීඩියෝ)

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු 30,000ක් පිරවීම මෙම වසර තුළ දී ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ අද (01) දහවල් පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරිමර බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ගැටළුව පෙර පැවති රජය විසින් නිර්මාණය කරන ලද්දක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ජන හමුවේ දී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

ඒ, අනුව පැය විසිහතරම ආගමන විගමන දෙපාර්තමේන්තුව විවෘතව තබමින් මෙම ගැටළුව විසඳීම සඳහා කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

එම කාර්යාලය පැය විසිහතරම විවෘතව තැබීම සඳහා විශ්‍රාම ගිය සේවකයින් බඳවාගෙන ඔවුන්ගේ සේවාව ද ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී පවතින ප්‍රමාද ගැටළුව කඩිනමින් නිරාකරණය වනු ඇති බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43