බෙලිඅත්ත ප්රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායකයෙකු ද සිටින බව වාර්තා වේ. මේ අනුව මියගිය ගණන පස්දෙනෙක් බව බව පොලිසිය පවසයි
අද (22) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදු වූ අතර සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
