AFC Banner
Empty Ad
Empty Ad

බුදුන්ට අපහාස කළ දේවගැති ජෙරොම් ගැන පරීක්ෂණයක්

ආගමික සංහිඳියාවට හානි වන ලෙස දේවගැතිවරයෙකු විසින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව ඇදලා නියෝග පරිදි වහාම පරීක්ෂණයක් අරඹන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව සඳහන්.

වගකීම් විරහිත ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඒ, අනුව අදාළ දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයෙකු, බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය හා ඇතැම් මාධ්‍යවල තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
13
+1
2
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?