AFC Banner
Empty Ad
Empty Ad

බිහාර් ප්‍රාන්තයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ බිහාර් හි රඝුනාත්පූර් ප්‍රාන්තයේ සිදු වූ දුම්රියක් පීලි පැනීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද දිනයේ දී ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය යාමෙන්, අනතුරින් මිය ගණන 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම දුම් රිය අනතුරින් මීට පෙර මවක්, දියණියක් ඇතුළු මගීන් සිව්දෙනෙකු මරණයට පත් ව තවත් 71 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

බටහිර බෙංගාලයේ කාන්තාවක් මෙලෙස මරණයට පත් ව ඇත්තේ පට්නා හි ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (AIIMS) ප්‍රතිකාර ලබමින් සිටියදියි.

“12506 Down NE Express’ නමැති දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් පිළිබඳව CRS වෙත ලිපි ලිවිය හැකිය” යනුවෙන් නැගෙනහිර මධ්‍යම දුම්රිය ප්‍රධාන මහජන සම්බන්ධතා නිලධාරී බිරේන්ද්‍ර කුමාර් මාධ්‍යයට පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?