AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ සමඟ තරහා වී නිවසක් අළු කළ ස්වාමිපුරුෂයා (ඡායාරූප)

බිරිඳ සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් නිවසට ගිනිතැබීමේ සිද්ධියක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩසිරි මාවත, කඩලාන ප්‍රදේශයේ නිවසකට එහි හිම්කරු විසින් මෙලෙස ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

බිරිඳ සහ දරුවන් දෙදෙනා ඥාති නිවසකට ගොස් ඇති අවස්ථාවේ සැමියා විසින් මෙලෙස නිවසට ගිනි තබා ඇති අතර, ගින්නෙන් නිවසට සහ එහි තිබූ දේපළ රැසකට අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ, අනුව සැකකාර ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?