2001 වසරේ සැප්තැම්බර් 11 වනදා නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ 25 වන සංවත්සරය සැමරීම වෙනුවෙන්, CIA ආයතනය පසුගිය සිකුරාදා ඔසාමා බින් ලාඩන් හා සම්බන්ධ ජනාධිපති බුද්ධි තොරතුරු වාර්තා 70කට අධික සංඛ්‍යාවක් සහ පිටු 100කට වැඩි ලේඛන ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
එම ලේඛනවලින් හෙළිවන්නේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර සිටම ඉන්දියාව බින් ලාඩන්ගේ ප්‍රහාරක ඉලක්ක ලැයිස්තුවේ ඉහළිම සිටි බවයි.
1998 අගෝස්තු 28 දිනැති එම ජනාධිපති බුද්ධි වාර්තාවේ සඳහන් වන්නේ, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට බින් ලාඩන් අපේක්ෂා කර ඇති බවයි.
එම වාර්තාවේ සඳහන් අනෙකුත් රටවල් අතරට පාකිස්තානය, ඊජිප්තුව, කුවේටය, සෞදි අරාබිය, යේමනය, උගන්ඩාව සහ නයිජීරියාව යන රටවල් ද අයත්.
“බින් ලාඩන්ගේ ත්‍රස්තවාදී ජාලය තවමත් තර්ජනයක්” යනුවෙන් නම් කර ඇති මෙම ලේඛනයේ, අදාළ තොරතුරු ලබාගත් මූලාශ්‍රය වසන් කර තිබෙනවා.
එහි ඉන්දියාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත නිශ්චිත ස්ථානයක්, දිනයක් හෝ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් පිළිබඳව සඳහන් නොවන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ පිහිටි අල්-කයිඩා කඳවුරු වෙත ඇමරිකානු මිසයිල ප්‍රහාර එල්ල වීමට පැය කිහිපයකට පෙර, බින් ලාඩන් එක්සත් ජනපදයට මෙන්ම එක්සත් රාජධානියට එරෙහිව ද තවත් ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කරමින් සිටි බව එහි සඳහන්.
ප්‍රහාර දියත් කිරීම සඳහා අවම වශයෙන් රටවල් 60ක පමණ සිටින පුද්ගලයින් සහ මිත්‍ර කණ්ඩායම්වලින් යුත් ජාලයක සහාය ලබා ගැනීමට අල්-කයිඩා නායකයා කටයුතු කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.
CIA ආයතනය විසින් නිකුත් කරන ලද ජනාධිපති බුද්ධි තොරතුරු වාර්තා මගින් පෙන්නුම් කරන්නේ, 1998 සිට 2001 දක්වා කාලය තුළ රටට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව එම බුද්ධි අංශය විසින් හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් කිහිප වතාවක්ම දැනුවත් කර තිබූ බවයි.
මෙම වාර්තා බිල් ක්ලින්ටන්ගේ ජනාධිපති ධුර කාලය තුළ ආරම්භ වී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ධුර කාලය දක්වා විහිදෙන කාල පරිච්ඡේදයක් ආවරණය කරනවා.













