බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක්

බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

වර්තමානයේ පවතින අවදානම් තත්ත්වයන් කළමනාකරණය කිරීම සහ එම ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට මෙම තීරණය ගත් බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මෙහිදී බිත්තර වී අක්කරයක් සඳහා රුපියල් 13,600ක රක්ෂණ මුදලක් ගෙවිය යුතු අතර, එවිට වගා හානියක දී අක්කරයක් සඳහා රුපියල් 180,000ක මුදලක් වන්දි වශයෙන් හිමිවනවා.

මෙම රක්ෂණ ක්‍රමය යටතේ ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පළිබෝධ සහ කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදුවන හානි මෙන්ම වන අලින්ගෙන් සිදුවන වගා හානිද ආවරණය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !