බැසිල්ට තවත් බරපතල චෝදනාවක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවිනැගුම පනත හරහා ඔහුගේ පෞද්ගලික බුදලයක් වශයෙන් සමෟද්ධි ව්‍යාපාරය ලියාගත් බවත් එම ව්‍යාපාරයට රුපියල් කෝටි දහ පහලොස් දහසක් අවභාවිතා කරමින් සමෟද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන් බංකොලොත් කොට ඇති බවත් සමෟද්ධි වෘතීය සේවක සංගමය චෝදනා කර සිටී.

සමෟද්ධි වෘතීය සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක කීර්ති බණ්ඩාර මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

“පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශ මහතා විපක්ෂයට චෝදනාවක් එල්ල කරමින් මහ බැංකුව මංකොල්ල කෑ අය නැවත ගෙන ආවොත් සමෟද්ධි බැංකුව මංකොල්ල කන බවට චෝදනාවක් කළා . එහෙත් එසේ චෝදනා කළ අයම අද සමෘද්ධි බැංකුව කොල්ල කා හමාරයි .

පසුගිය කොරෝනා සමයේ රුපියල් 5000 මුදල් ගත්තේ සමෟද්ධි බැංකුවෙන්. ඒ මුදල් බෙදා හැරියේ රජයේ ගෞරවය රැක ගන්නයි . නමුත් ඒවා සුදුස්සන්ට ලැබුණෙත් නැහැ . ඒවා ලැබුණේ කෝටිපතියන්ට. මේ මුදල් විසිපන් ලක්ෂයක් වූ අහිංසක මිනිසුන් විසින් ඉතුරු කර සමෘද්ධි බැංකුවේ තැන්පත් කොට තිබූ මුදල්. එ් මුදල් වලට සිදු වූ දේ පිළිබඳව තාම ගනුදෙනුකරුවන් දන්නේ නැහැ . මේ මජර දේශපාලනයත් සමඟ සමෟද්ධි බැංකුවත් අවසන් ගමන් ගිහින් තිබෙනවා.

සමෟද්ධි බැංකුව බංකොලොත් කළ අය අද වන විට ජනාධිපතිවරයා ගේ පුටුව අස්සේ රිංගා ගෙන සර් යන්න එපා, සර් යන්න එපා, කියමින් සිටිනවා . සිංහාසනය ගිනිගන්නා විට එය නිවවා වෙනුවට ඉන් ගිනි තපිමින් සිටිනවා”

  1. සහතික ඇත්ත ඒ වගේම සිල් රෙදි ⁣බෙදන්න යකඩ බට ගන්න ලිත් ගහන්න ගියෙත් සමෘද්ධි මිනිස්සු එකතු කරපු සල්ලි.ඒ හන්ද නඩු වලින් නිදහස් උනාට ඒ සල්ලි ලැබුනේ නැහැ.එම නිසා එම මුදල් අයකර ගත යුතුයි.එයට සහය දුන් අධ්‍යක්ෂ ජෙනරාල් ද දඩුවම් විදිය යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24