AFC Banner
Empty Ad
Empty Ad

බැංකුවක් කොල්ලකෑ සැකකරුවන් තිදෙනා අල්ලයි

පුත්තලම – මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කඩා, එයින් මුදල් කොල්ල කෑ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් එක්ව එම ප්‍රදේශයේ බැංකුවක ATM යන්ත්‍රය කඩා ඉන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් සිටියදියි පොලිස් අත් අඩංගුවට ගැනුණේ.

අදාළ මූල්‍ය කොල්ලකෑම පසුගිය 07 වැනි දා සිදු වූ අතර, ඊට අදාළ සැකකරුවන් ඊයේ දිනයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පුත්තලම කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් ද මීට සමගාමී ව විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර, සැකකරුවන් අනුරාධපුර, ගල්ගමුව, කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළි වී ඇත්තේ.

මෙම සැකකරුවන් තිදෙනාම පෞද්ගලික බැංකුවල මුදල් තැන්පත් කරන ආරක්ෂක නිලධාරින් බවට ද හෙළි ව තිබෙනවා.

අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී මුදල් කොල්ලකෑමට යොදාගත් උපකරණ සහ මුදල ද පොලිස් භාරයට ගැනුණා.

මොවුන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?