AFC Banner
Empty Ad
Empty Ad

බාරයක් වෙන්න අවාරේ සිරිපා වඳින්න තනියම ගිය අපේ කෙල්ල

අවාරේ සිරිපා වන්දනා කරපු තරුණියක් ගැන පසුගිය දවස්වල හැමතැනින්ම වගේ කතාබහට ලක්වුණා.
ඇය තමයි ශනුලි නිල්නයනි..
මේ ඇයගේ ඒ ගමන ගැන ගොසිප් ලංකා නිව්ස් අපි ලියපු සටහනක්..

ශනුලි සිරිපා ගමන ගැන හැමෝම කතා කරනවා.. බය හිතුනේ නැද්ද..?
බය හිතුනා.. මම කෙල්ලෙක්නේ.. ඒ වුණාට අරමුණක් තිබුණා.. ඒ අරමුණ නිසා ගිය ගමනක්..

මම ඉස්සරහට තිබුණු අඩිය වෙනුවෙන් බාරයක් වෙන්න තමයි සිරිපා වන්දනා කළේ..

තනියම කෙල්ලෙක් සිරිපා යනවා.. ගෙවල්වලින් එළියටවත් යවන්නේ නෑ.. ගෙදරින් මොකද කිව්වේ..
ගෙදරින් ලොකු සපෝට් එකක් තිබුණා.. මේකට විතරක් නෙවෙයි අනිත් හැමදේකදිම මට ගෙදරින් ලොකු ශක්තියක් ලැබෙනවා.

යන්න එපා මොනවත් කරන්න එපා කියන්නේ නෑ.. කරන්න හැබැයි පරිස්සමින්.. හොදට බලලා මොලේ කල්පනා කරලා කරන්න කියලා තමයි කියන්නේ..

අවාරේ කාලේ කොල්ලෙක් යන විදිහට නෙවෙයි කෙල්ලෙක් යන විදිහට මොනවගේ දේවල්වලටද අවධානය යොමු කරන්න ඕනේ…?
පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක් කියලා මම වෙනස් විදිහට දකින්නේ නෑ..

අපි මේ රාමුවක කොටුවෙලා ඉන්න නිසයි ගෑණු ළමයි කියලා හැමදේකදිම සීමා වැටෙන්නේ.

හරියට ඇහැරිලා බැලුවොත් ලෝකෙම මේ දේවල් වෙනවා. අපේ අය එළියට බහින්නේ නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?