බ්‍රසීලය දැවැන්ත නෞකාවක් මුහුදේ ගිල්වයි

1960 වසරේ ප්‍රංශය විසින් නිෂ්පාදනය කරන ලද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිල්වා දැමූ බව බ්‍රසීල නාවික හමුදාව පවසනවා.

මෙම නෞකාව මුහුද සහ සමුද්‍ර ආහාර දාමය දූෂණය කරනු ඇති බවට පරිසරවේදීන්ගේ අනතුරු ඇඟවීම් නොතකා බ්‍රසීලය ඊසානදිග වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ දී ගිල්වා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටොන් 32,000ක් බර නෞකාව මාස තුනක කාලයක් මුහුදු තීරයේ පාවෙමින් තිබූ අතර, එය පාරිසරික අනතුරක් බැවින් එය ඉවත් කිරීම තුර්කිය ප්‍රතික්ෂේප කළ අතර නැව නැවත බ්‍රසීලයට ඇදගෙන යනු ලැබුවා.

සිකුරාදා සවස නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නෞකාව මුහුදේ ගිල්වා දැමීම මගින් රජයට සිදුවන ආර්ථික අලාභ වළක්වා ගත හැකි බවයි.

බ්‍රසීලි අධිකරණ බල ප්‍රදේශයේ වෙරළට කිලෝමීටර් 350ක් (සැතපුම් 217ක්) ඔබ්බෙන් වූ මීටර් 5,000ක් ගැඹුරු මුහුදේ සාඕ පවුලෝ නෞකාව ගිලී ඇති අතර එය ධීවර හා පරිසර පද්ධතිවලට ඇති වන බලපෑම අවම කිරීම සඳහා තෝරා ගත් ස්ථානයක් බවයි එරට නාවික හමුදාව පවසන්නේ.

කෙසේවෙතත් පරිසර සංවිධාන බ්‍රසීල රජයෙන් ඉල්ලා සිටියේ, ඇස්බැස්ටෝස් ටොන් 9 ක් ඇතුළු භයානක විෂ ද්‍රව්‍ය නිසා එය ගිල්වීම නතර කරන ලෙසයි.

ගුවන් යානා ප්‍රවාහන නෞකාව ගිලී යාමෙන් ඇස්බැස්ටෝස්, රසදිය, ඊයම් සහ අනෙකුත් අධික විෂ සහිත ද්‍රව්‍ය ටොන් ගණනක් මුහුදු පත්ලට මුසු වන බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙමගින් බ්‍රසීලයේ නාවික හමුදාව සාගර ආරක්ෂාව නොසලකා හරින බවටයි චෝදනා එල්ලවූයේ.

Clemenceau පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාව දශක හතරක් ප්‍රංශ නාවික හමුදාවට සේවය කළ අතර එහි යුධ ගුවන් යානා 40 ක් රැගෙන යාමේ හැකියාව පවතිනවා.

ආරක්ෂක විශේෂඥ සහ හිටපු විදේශ ප්‍රතිපත්ති කොන්ග්‍රස් කාර්ය මණ්ඩල සේවකයෙකු වන Pepe Rezende පැවසුවේ 1998 දී බ්‍රසීල නාවික හමුදාව විසින් මෙම නැව මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 12 කට බවයි.

මෙම නැව අක්‍රිය කිරීමෙන් පසු, තුර්කි සමුද්‍ර ප්‍රතිචක්‍රීකරණ සමාගමක් වන Sök Denizcilik Tic Sti ඩොලර් මිලියන 10.5කට එය මිලදී ගත් නමුත්, තුර්කිය එහි නැව් අංගනයට ඇතුළුවීම තහනම් කළ විට එය අත්ලාන්තික් සාගරය හරහා ආපසු ඇදගෙන යාමට සිදු වුණා.

බ්‍රසීල නාවික හමුදාව පැවසුවේ බ්‍රසීලයේ නැව් අංගනයක අලුත්වැඩියා කරන ලෙස ඉල්ලා සිටි නමුත් එය ජලය පිරී ගිලී යාමේ අවදානමක් ඇති බව පෙන්නුම් කිරීමෙන් පසු නෞකාවට බ්‍රසීලයේ වරායට ඇතුළුවීම තහනම් කළ බවයි.

පසුව එය මහ මුහුදේ ගිල්වීමට තීරණය කෙරුණා.

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ පැවසුවේ මෙම නෞකාව ගිලා බැසීමෙන් බාසල් සම්මුතිය, සමුද්‍ර දූෂණය වැලැක්වීම පිළිබඳ ලන්ඩන් සම්මුතිය සහ අඛණ්ඩ කාබනික දූෂක පිළිබඳ ස්ටොක්හෝම් සම්මුතිය උල්ලංඝනය කෙරෙන බවයි.

මෙම ගිල්වීම රටක් විසින් මෙතෙක් සිදු කරන ලද විශාලතම රසායනික හා අපද්‍රව්‍ය ගිවිසුම් කඩ කිරීම ලෙසද ඔවුන් එය හඳුන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58