බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20කට තුවාල

රත්නපුර පලාබද්දල මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවු අනතුරකින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ ගමන් කළ පිරිසක් මෙලෙස තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පලාබද්දල සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු සිරිපා වන්දනා විශේෂ සේවා සඳහා යොදා තිබු රත්නපුර ඩිපෝවට අයත් බස් රථයක් අද දහවල් 1ට පමණ මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුරින් තුවාල ලැබූවන ගිලීමලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 45 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථය කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ ධාවනය වන බස් රථයක් වන අතර සිරිපා වන්දනාකරුවන්ගේ පහසුව තකා විශේෂ බස් සේවා මේ දිනවල ක්‍රියාත්මකයි.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

බස් රථයේ ගමන්කළ පිරිස අතර සිරිපා වන්දනාවෙ ගොස් පැමිණි කිහිප දෙනෙකු ද වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?