රට තුල ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඔවුන් ඒ සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා පමුණුවන හෝ එම කාර්යන්හි නිරත සේවකයිනට තර්ජන හෝ අනිසි බලපෑම් කරන වෘත්තීය සමිති නායකයින් හා ඔවුන්ට සහය දක්වන සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.
මේ අතර අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඉන්ධන බෙදා හැරීමේ සහා සැපයීමේ කටයුතු අඩාල කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
මේ අතර ලංකා IOC ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.
අප වාර්තාකරුවන් පවසන්නේ ඊයේ රාත්‍රී සහ අද පෙරවරුවේ එම ඉන්ධන පිරවුම්හල් වෙත සාමාන්‍ය පරිදි ඉන්ධන තොග ලැබුණු බවයි.