බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් පොලිස් භාරයට (ඡායාරූප)

පොලිස් අණ නොතකා බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කරමින් සිටි අධි ශීතකරණ සහිත ලොරියක් පසු පස හඹාගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී ආඬියාගල ගලේවෙල මාර්ගයේ පැල්බැඳියාව ප්‍රදේශයේදි රථ වාහන පරීක්ෂාවේ නිරතව සිටි නිලධාරීන් පිරිසක් මෙම ලොරිය නතර කරන ලෙසට අණ කර ඇති අතර එය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව පොලිස් නිලධාරීන් සැක කටයුතු ලොරිය පසුපස කිලෝමීටරයක පමණ දුරක් ලුහුබැඳ ගොස් මනම්පේරියගම ප්‍රදේශයේදී නතර කරගෙන තිබෙනවා.

මෙම අධි ශීතකරණ සහිත ලොරියේ එළ ගවයන් 12 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිට ඇති අතර කිරි බොන වයසේ පැටවුන් සිටින මව් සතුන් ද එහි සිටින බවටයි හෙළිවී ඇත්තේ.

උත්සව සමය වෙනුවෙන් මස් කිරීම සඳහා මෙම ගවයන් ගල්නෑව ප්‍රදේශයේ සිට මාතලේ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බවට හෙළිවී ඇති අතර සොරකම් කරන ලද සත්වයින් ද මේ අතර වන බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිසිය මැදිහත්ව බේරාගත් ගවයින් මේ වනවිට පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ රැකවරණය මැද ගල්කිරියාගම පොලිස් ස්ථාන භූමියේ ගාල් කර සිටිනවා.

ලොරියේ රියදුරා හා රිය සහායකවරයා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?