බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් පොලිස් භාරයට (ඡායාරූප)

පොලිස් අණ නොතකා බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කරමින් සිටි අධි ශීතකරණ සහිත ලොරියක් පසු පස හඹාගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී ආඬියාගල ගලේවෙල මාර්ගයේ පැල්බැඳියාව ප්‍රදේශයේදි රථ වාහන පරීක්ෂාවේ නිරතව සිටි නිලධාරීන් පිරිසක් මෙම ලොරිය නතර කරන ලෙසට අණ කර ඇති අතර එය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව පොලිස් නිලධාරීන් සැක කටයුතු ලොරිය පසුපස කිලෝමීටරයක පමණ දුරක් ලුහුබැඳ ගොස් මනම්පේරියගම ප්‍රදේශයේදී නතර කරගෙන තිබෙනවා.

මෙම අධි ශීතකරණ සහිත ලොරියේ එළ ගවයන් 12 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිට ඇති අතර කිරි බොන වයසේ පැටවුන් සිටින මව් සතුන් ද එහි සිටින බවටයි හෙළිවී ඇත්තේ.

උත්සව සමය වෙනුවෙන් මස් කිරීම සඳහා මෙම ගවයන් ගල්නෑව ප්‍රදේශයේ සිට මාතලේ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බවට හෙළිවී ඇති අතර සොරකම් කරන ලද සත්වයින් ද මේ අතර වන බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිසිය මැදිහත්ව බේරාගත් ගවයින් මේ වනවිට පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ රැකවරණය මැද ගල්කිරියාගම පොලිස් ස්ථාන භූමියේ ගාල් කර සිටිනවා.

ලොරියේ රියදුරා හා රිය සහායකවරයා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34