Empty Ad
AFC Banner
Empty Ad

බමන මතින් බසයක් පැදවූ ගෙදර ගිය ලංගම රියදුරා අත්අඩංගුවට

බීමතින් බස් රථයක් ධාවන කළ ලංගම රියදුරෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇල ලංගම ඩිපෝවට අනියුක්තව සේවය කරන රියදුරෙක්.

අද (13) උදෑසන ජා-ඇල සිට මහනුවර බලා ධාවනය වූ; ජා-ඇල ඩිපෝවට අයත් බස් රථයේ එම ඩිපෝවට අනියුක්තව සේවය කරන තවත් බස් රථ රියදුරෙක් නිවාඩුවට තමන් නිවස බලා ගමන් කර තිබෙනවා.

එම රියදුරා විසින් බස් රථය ගමන් ගන්නා අතර වාරයේ බසය ධාවනය කළ රියදුරාට පවසා ඇත්තේ බසය වේගයෙන් ධාවනය කරන ලෙසයි.

එම අවස්ථාවේ දී බසය ධාවනය කළ රියදුරා වේවැල්දෙණිය ප්‍රදේශයේ දී රථය නවතා බස් රථයේ පැමිණි රියදුරාට බසය ධාවනය කිරීමට භාර දී තිබෙනවා.

එම අවස්ථාවේ බසය ධාවනය කිරීම භාරගත් අදාළ රියදුරා මාර්ග නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් රථය ධාවනය කර ඇති බව සඳහන්.

එහිදී බස් රථය දුම්මලදෙනිය ප්‍රදේශයේ දී නවත්වන ලෙසට පොලිස් රථවාහන නිලධාරීන් දැනුම්දී ඇති නමුත් එය නොනවත්වා ධාවනය කිරීමටයි රියදුරා කටයුතු කර ඇත්තේ.

නොනවත්වා ධාවනය කළ බස් රථය පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් එය වරකාපොළ නගරයේ දී නවත්වාගෙන ඇති අතර, එම අවස්ථාවේ දී එහි මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ පරීක්ෂා කිරීමේ දී බසය ධාවනය කළ රියදුරා බීමත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී බීමතින් රිය ධාවනය කිරීමේ වරද යටතේ අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්.

එම රියදුරුට බස් රථය ධාවනය කිරීමට භාර දුන් බස් රථයේ රාජකාරියේ නියුතු රියදුරා සම්බන්ධයෙන් ජා-ඇල ඩිපෝව මඟින් පරීක්ෂණක් පවත්වනු ලබනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
26
+1
4
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?