spot_imgspot_img
spot_img

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියෙන් නයි මතුවෙයි (වීඩියෝ)

බදුල්ල නගරයේ පිහිටි වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය තුළ සහ ඒ අවට ප්‍රදේශයේ සර්පයින් (නයි) ගැවසෙන බව එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කටයුතු සදහා පැමිණෙන පිරිස් පවසනවා.

එම ක්‍රීඩාංගණය භාර සේවකයින් පවසන්නේ පසුගිය දිනක ක්‍රීඩාංගණය තුළ නයි පැටවුන් දෙදෙනෙකු සිටිය දී හමු වූ බවයි.

පාපන්දු ක්‍රිඩාංගණයේ තණකොළ සහිත ප්‍රදේශයේ සිටි නාගයෙකු ද ඉවත් කිරීමට පසුගිය දා කටයුතු කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ක්‍රිඩාංගණයට යාබදව ඇති කසළ අංගනය ආශ්‍රිත කැළෑ පෙදෙසේ මෙම සර්පයන් බෝවී ඇති බවට සැකයක් පවතින බවයි එම සේවකයින් සඳහන් කරන්නේ.

දෛනිකව ක්‍රීඩා කටයුතු සහ ශරීර සුවතා සඳහා විශාල පිරිසක් මෙම ක්‍රිඩංගණය භාවිත කරන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකසක ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
13
+1
6
+1
7
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?