බතලගොඩ වැවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් බිලිවෙයි

බතලගොඩ වැවේ දිය නාමින් සිටි විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

ගොකරැල්ල පොලීසිය පැවසුවේ මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කටුගස්තොට – උඩුවාවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

කටුගස්තොට ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් ගොස් ඇති අතර, ඔවුන් ඊයේ (08) සවස ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටි බතලගොඩ වැව ආසන්නයේ සතුටු සාදයක් පවත්වා තිබෙනවා.

අනතුරුව ඔවුන් වැවේ දියනෑම සිදුකර ඇති අතර, එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව එක්ව ඊයේ (08) රාත්‍රීයේම මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?