AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සිර මැදිරියක සිටි සැකකරුවෙක් ඇද වැටී රෝහලේ

පයාගල පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු හිසට සිදුවූ තුවාල සහිතව අද (03) දින රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල, ඈතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන්.

රෝහල් ගතකර ඇති පුද්ගලයා විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන පයාගල පොලිසියේ සිරමැදිරියේ රඳවා සිට ඇති බව පැවසෙයි.

සිරමැදිරියේ රඳවා සිටි සැකකරු කිසියම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (03) දහවල් සිරමැදිරිය තුළ ඇද වැටී හිසට තුවාල සිදුව ඇති බව ද සඳහන්.

තුවාලකරු කළුතර ශීක්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?