AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් රථ වාහන රාජකාරීවලට කාන්තා නිලධාරිනියන්

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය කාන්තා නිලධාරිනියන් රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

පොළොන්නරුව රථවාහන අංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු මෙලෙස රාජකාරී සඳහා යොදවා තිබු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අලුතින් සේවයට යොදවා ඇති කාන්තා නිලධාරිනියන් රථවාහන මෙහෙයවීම සහ වාහන පරීක්ෂා කිරීම සිදු කරන ආකාරය දක්නට ලැබුණා.

රථ වාහන පරීක්ෂා කිරීම ඇතුලු රථ වාහන රාජකාරී සඳහා කාන්තා නිලධාරිනියන් යොදා ගැනීම මෙලෙස වාර්තා වූයේ පළමු වරටයි.

පොළොන්නරුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙලෙස රථ වාහන රාජකාරියට එක්වූ කාන්තා නිලධාරිනියන් කොට්ඨාශ යතුරුපැදි ඒකකය සහ රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට යොදවා ඇතැයි සඳහන්.

රථ වාහන පරීක්ෂා කිරීම ඇතුලු අනෙක් රථ වාහන පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක් ලබා ඇති මෙම නිලධාරිනියන් තම රාජකාරී කටයුතු සඳහා නිල වශයෙන් එක්වී ඇත්තේ ඊයේ දිනයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?