පොලිස් නිළධාරින් 5 දෙනෙකුගේ ක්‍රියාව

15 හැවිරිදි දරුවකුට වෙඩි තබා මැරූ පොලිස් නිලධාරීන් පස්දෙනකුට චෝදනා ගොනු කර තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ඕක්ල්හෝමා නුවරදි. ස්ටේවියන් රොඩ්රිගූන් නමැති මෙම දරුවා වෙළෙඳසලක සිටියදී එහි හිමිකරු එය වසා දමා පොලිසියට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පොලිසිය මෙහිදී පැවසුවේ දරුවා සතුව අවියක් තිබූ බවයි. ඔහු යටත් වන ලෙස කළ නියෝගය පැහැර හැරීම නිසා ඔහුට වෙඩි තැබූ බව ද ඔවුන් සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්