AFC Banner
AFC Banner
Empty Ad

පොතුපිටියේ ගින්නකින් නිවසක් සම්පූර්ණයෙන් ම ගිනිබත් වෙයි (වීඩියෝ)

නිවසක හටගත් ගින්නකින් එම නිවස ම සම්පූර්ණයෙන් ම ගිනිබත් ව විනාශ වී ඇති බවට වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ වාද්දූව – පොතුපිටිය ප්‍රදේශයෙන්.

වාද්දුව, පොතුපිටිය කරදගහ පාරේ ටී.අනුලාවතී මහත්මියගේ නිවස මෙලෙස මුළුමනින් ම ගිනිගෙන දැවී ගොස් ඇති බවත් අදාළ ගින්න යාබද නිවසකට ද පැතිරෙමින් තිබූ අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කර ඇති බවත් වාර්තා වනවා.

නිවසේ කාන්තාව බුදු පහන දල්වා පිටව ගොස් ඇති අතර, එය පෙරලී ගිනි ගන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

නමුත් මෙතෙක් ගින්නට නිශ්චිත හේතුවක් හෙළි ව නැහැ.

වාද්දූව පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවුණු අතර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?