පෙරපාසල් අධ්‍යාපනයටත් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පියවර

නූතන තාක්ෂණික ලෝකයේ ගවේෂණාත්මකව සත්‍ය, අසත්‍ය තෝරාගත හැකි යහපත්, අයහපත් දේ තෝරා ගත හැකි සමාජයට වග කියන පුරවැසියෙක් නිර්මාණය කිරීමයි අවසන් අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ඇතිවන අදහස්, යෝජනා, සංවාද හරහා මෙන්ම ප්‍රායෝගිකවත් ඇතිවන ගැටළු හදුනා ගනිමින් පියවරෙන් පියවර සියළු දරුවන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලැබෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (29) පැවති වැඩසටහන අමතමින් ඇය මේ බව කියා සිටියා.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදහස් සහ යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වනවිට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි ඇය මෙහිදී සඳහන් කර සිටියේ.

එමෙන්ම එක් එක් වෘත්තීය විෂයන් හඳුනාගෙන ඒ විෂයන් පාසල් විෂය මාලාවට ඇතළත් කරන බවත්, වෘත්තීය අධ්‍යාපනයට සාමාජීය වටිනාකමක් මේ මගින් ඇතිවන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47