අනුරාධපුර දිස්ත්රික්කයේ ගලෙන්බිදුණුවැව පොලිස් වසම හා මොරගොඩ පොලිස් වසමට මායිම්ව ඇති හුරුළුවැව ස්මත්තේ පතාහයාය හා ඒ ආසන්නයේ පිහිටා ඇති දැනට පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් නොවුන එහෙත් පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් නිදන් හොරුන්ගේ ග්රහණයට නතුවී ඇති බව එහි ගිය අපට දක්නට ලැබුණා.
වගකිවයුතු බළධාරින්ගේ අවධානයොමු නොවු එහෙත් රටේ අතිතිය පිළිබද ඉතිහාසාත්මක සාදකයන් විශාල ප්රමානයක් දක්නට ලැබෙන දැනටමත් වල් වැදී සොයා ගත නොහැකි තරමට සගව ඇති එහෙත් මේ වන විටත් නිධාන් හොරුන්ගේ නෙත ගැටුණු රටේ උරුමයක් සොයා අප කණ්ඩායම එම ස්ථානයට ගියේ දහසක් දුෂ්කරතා මැද්දේ වීම විශේෂත්වක්.
මෙම ස්ථානය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර වන අලි හා වෙනත් සතුන් වන බවත් හුරුළු වැවට හා රිටිගල දැඩි රක්ෂිතය සහිත කඳුවැටිය ආසන්නයේ පිහිටා තිබීමත් විශේෂත්වයක්..
මෙම ප්රදේශයේ පැරණි පොකුණ (වනාතරයෙන් වැසී ඇත) ගරා වැටුන දා ගැබ, පෞරාණික ගල්කණු,කළු ගලින් තනන ලද සොහොන් බිමක් , කළු ගලින් ඉදි කරන ලද යම් ඉදිකිරීමක ගරාවැටුණු කොටසක් දැකගැනීමට පුළුවන් වන අතර දාගැබ මේ වන විටත් අඩි විස්සක් 25ත් අතර ප්රමාණයක් නිදහන් හොරුන් විසින් යම් කැණීමක් සිදු කර තිබේ අතර ඒ ආසන්නයේම තිබෙන ගල් වලින් හා ගඩොල් ආධාරයෙන් ඉදිකළ සොහොන්බිම් යයි සැක කළ හැකි ස්ථාන හා කලු ගලින් ඉදිකළ ගොඩනැගිල්ලක් යයි සැකකල හැකි ස්ථානයක් ද නිධන් හොරුන්ගේ ග්රහනයට නතුවී ඇති ආකාරය දක්නට ලැබුණි.
අප කල සොයා බෑලීමේ ප්රථිපලයක් වශයෙන් අක්කර 100 ආසන්න දැඩි කැලෑබද ප්රදේශයක විනාශ මුකටය යමින් ඇති පවුරාණි සථානයේ ඇති යම් තරමක සාදක ප්රමානයක් සොයාගත් අතර ඒ අතර අනුරාධපුර පුජා නගරයේ ඇතැම් ස්ථාන වල පවතින ගඩොල් වලට සමාන ගඩොලින් ඉදි කල දැනටමත් ගරාවැටි ඇති චෛයිතියක් , මිට වසර කිහිපයකට පෙර කහටගස්දිලිය කොක්එබේ ප්රදේශයේ දී රජරට විශවිද්යාලයේ ප්රරාවිද්ය අංශයේ මගින් කල කැණිම් වලින් සොයා ගන්නා ලද මුක්කරි සොහොන් වලට සමාන කළු ගලින් යොදාගණිමින් ඉදි කල සොහොන් විශාල ප්රමානයක් හා රිටිගල දී දක්නට ලැබෙන ගල් කණුවට සමාන ගල් කණු යොදා ඉදිකල ගොඩ නැගිල්ලක් දක්නට ලැබු අතර මෙම ප්රදේශයේ ජිවත්වන වන අලි හා වෙනත් සතුන් හේතුවෙන් අප කන්ඩායටම තව තවත් එහි ගවෙශනය ඉතා අසිරු කාරණයක් වු නමුත් අදාල බළධාරින් ගේ අවධානය යොමු වන්නේ නම් එම ප්රදේශයේදී තවත් සාදක හමුවන බවට විශ්වාසයක් තබා ගත හැකීවේ.
රිටිගල සහ හුරුළු වැව හුරුළුවැව රක්ෂිතය ට මායිම්ව ඇති නිකවෙල සහ පතහායාය ප්රදේශය දැඩි රක්ෂිත ප්රදේශයක් වන අතර එහි ඇති පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති ස්ථාන නිධන් හොරුන්ගේ තෝතැන්නක් මෙන්ම මෙම වනාන්තරය තුළ ගැවසෙන වන සතුන් දඩයක්කරුවන්ගේ නෙත ගැටී ඇති බවට රක්ෂිතය තුළ අටවා තිබූ බදින තුවක්කු සහ වෙනත් අප කැමරා කාචයේ සටහන් විය.
ප්රදේශයේ සංචාරය කළ අපට දක්නට ලැබුණු තොරතුරු වලට අනුව මෙම ප්රදේශයේ සත්ත්ව දඩයම සහ නිධන් හෑරීම මෙන්ම පුරාවිද්යාත්මක නටබුන් විනාශ කිරීම දිගු කාලයක සිට කාටත් හොර රහසේ සිදුකරගෙන යන බව වැටහී යන අතර පතහායාය ප්රදේශයේ කර ඇති කැණීම්වල ගොඩ දමා ඇති පස් ඉතා ආසන්න දිනකදී ගොඩ දමා ඇති පසු බව පැහැදිලිව පෙනි යන කරුණක් වන අතර මෙම කැණිම සදහා පැමිණි පිරිස් මෙම ප්රදේශයේ රැදි සිටිමින් මෙම කැණිම් සිදුකර ඇති බවට මෙහි සාදක දක්නට ලැබේ.
මෙම ස්ථානය පිළිබදව පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ හො වන රක්ෂණ, වනජීවී දෙපාර්තමේන්තුවෙහි මේ පිළිබඳව අවධානය යොමු විය යුතු කාලය මේ වන අතර එය එසේ නොවන්නේ නම් ප්රදේශයේ වන සත්තුන් හා පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති එමෙන්ම අප ඉතිහාසය කාටත් හොර රහසේ වැළලී යනු නොඅනුමානයි.
