පුපුරයි හැබැයි පාස්සගන්න පුලුවන්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ හවුල්කාර පක්ෂ අතර පවතින මතභේදාත්මක තත්වය ආණ්ඩුව කඩාවැටෙන තත්වයක් දක්වා වර්ධනය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා.

අද පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

අතීතයේ තිබූ සන්ධාන ආණ්ඩු තුළ මතගැටුම් තිබූ බවද එස් බී දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ආණ්ඩුවත් ළගදීම පුපුරයිද යනුවෙන් මාධයවේදියෙකු විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ,
“පුපුරයි හැබැයි පාස්සගන්න පුලුවන්” ලෙසය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?