පුනරුත්තාපනය වී පැමිණි සැකකරු අධිවේගයේ විදුලි කම්බි කපද්දී අල්ලයි

පුනරුත්ථාපනය වී මීට දින කිහිපයකට පෙර නිදහස් වූ පුද්ගලයෙකු අධිවේගී මාර්ගයේ විදුලි කණුවලට භූගතව යොදා ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ග අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කපන ලද කම්බි කිලෝ 60ක් ද සමගින්.

කඩවත කෙලවරපිටිය අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20.5 ප්‍රදේශයේ ගුවන් පාලම් යට සිට ඉදිකරමින් පවතින කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමට යොදා තිබෙන විදුලි කණුවක් අසළ කුඩා කාමරය කඩා භූගතව ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි පුද්ගලයන් කීප දෙනකු පැමිණ කපන බවට අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

එම ස්ථානය වැටලීම සමගම එහි සිටි පුද්ගලයන් පලාගිය අතර පොලිසිය සිදු කළ ක්ෂණික සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු කාණුවක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් මේ සඳහා පැමිණි බවට අනාවරණ වී ඇති අතර කපන ලද කිලෝ 60ක පමණ බරින් යුත් තඹ සහ ඇලුමිනියම් කම්බි තොගයක් අසල කැලෑවක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් ඒ වන විටත් එම තඹ කම්බි කිලෝ 35ක පමණ ප්‍රමාණයක රබර් කොටස් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර තිබු බව සඳහන්.

වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අලූයම 1ට පමණ මෙම සොරකම සඳහා පැමිණ විදුලි කණුව යට තිබෙන කාමරය කඩා ඊට සමාන්තරව අඩි 50 ක් පමණ ඈතින් වළක් හාරා භූගතව දිවෙන වයර් කපා පිටතට ගන්නා බවට හෙළි කර තිබෙනවා.

පොලිස් භාරයට ගත් කම්බිවල වටිනාකම මෙතක් තක්සේරු කර නැහැ.

තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින 29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩවත පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41