පුණ්‍ය කාලය ඇරඹෙයි

අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද උදෑසන 8.35ට උදා වුණා.

පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙනුයි ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ.

අලුත් අවුරුදු උදාව අද සිදු වන්නේ අපරභාග 2.59ටයි.

ආහාර පිසීමේ නැකත අපරභාග 3.29ට දී ඇති අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි යනුවෙන් ජ්‍යෝතිෂයේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය දී ඇත්තේ අද පස්වරු 5.05ට යි. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය කළ යුතු බවයි දැක්වෙන්නේ.

මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම 16 වන ඉරිදා පූර්වභාග 9.41ට යෙදී තිබෙනවා.

රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැන යනුවෙන් ජ්‍යෝතිෂයේ දැක්වෙනවා.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව හිසතෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවය ඉරිදා පෙරවරු 9.41ට යෙදෙන සුබ මොහොතින් බියගම, හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේදී පැවැත් වීමටයි කටයුතු යොදා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35