spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුණ්‍ය කාලය ඇරඹෙයි

අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද උදෑසන 8.35ට උදා වුණා.

පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙනුයි ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ.

අලුත් අවුරුදු උදාව අද සිදු වන්නේ අපරභාග 2.59ටයි.

ආහාර පිසීමේ නැකත අපරභාග 3.29ට දී ඇති අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි යනුවෙන් ජ්‍යෝතිෂයේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය දී ඇත්තේ අද පස්වරු 5.05ට යි. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය කළ යුතු බවයි දැක්වෙන්නේ.

මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම 16 වන ඉරිදා පූර්වභාග 9.41ට යෙදී තිබෙනවා.

රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැන යනුවෙන් ජ්‍යෝතිෂයේ දැක්වෙනවා.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව හිසතෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවය ඉරිදා පෙරවරු 9.41ට යෙදෙන සුබ මොහොතින් බියගම, හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේදී පැවැත් වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?