පුංචි දරුවන්ට විද්‍යුත් උපකරණ ලබා දීමේදී මේ ගැන දෙවරක් සිතන්න

මේ වසරේ පළමු පාසල් වාරයේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසු දරුදැරියන් පිරිසක් වෙනුවෙන් පාසල් ගුරුවරුන් හා සෞඛ්‍ය අංශ එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ ඇස්, දත් හා කන් සම්බන්ධ මූලික පරීක්ෂාවකදී ඉන් දරුවන් හය දෙනකුට මීටර 10, 12 සම්මත දුරක දෘෂ්ටි පරීක්ෂාවේදී කියවීම අසමත් වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පාසලක මෙම පරික්ෂණය සිදු කර තිබෙනවා.

එම දරුවන්ට පෙර පාසල් අවධියේ සිටම මවුපියන් එම දරුවන් හඬන විට ජංගම දුරකතන ලබාදී නැළවීමට කටයුතු කර ඇති බවය. හඬන දරුවන් නැළවීමට, කෑම කැවීමට, ඖෂධ හා දියර වර්ග ලබා දීමට පවා ඇතැම් මවුපියන් තිරය විශාල ප්‍රමාණයේ ජංගම දුරකතනය මෙවලමක් සේ ලබාදීමට පුරුදුව තිබෙන බව වත්මන් සමාජය තුළ දැකගත හැකි බව සෞඛ්‍ය අංශ මෙන්ම ගුරුවරු ද පවසයි

මෙය නොකළ යුතු කටයුත්තක් බවත් ඉන් ඉදිරියේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇතැයි ද ඔවුන් පවසයි.

එම පාසලේ ගුරුවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් එම දරුවන් තවදුරටත් පරීක්ෂාවට ලක්කර ආසන්නම රෝහලේ අදාළ සායන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

කුඩා දරුවන්ගේ අක්ෂි ආබාධවලට හේතු වී ඇත්තේ ජංගම දුරකතන භාවිතය ඇතුළු විද්‍යුත් උපකරණ භාවිතය අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය ධර්මා ඉරුගල්බණ්ඩාර ඊයේ (07) පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?